නායයාමේ අවධානමක් හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත ගිනිගත්හේන රංජුරාව සදසිරිගම ප්‍රදේශයේ නිවාස 12 ක පදිංචි පවුල් 13 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කල බව අඹගමුව ප්‍රදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසිය.
ගිනිගත්හේන රංජුරාව ඉහල කදු මුදුණේ පිහිටි සදසිරිගම ගම්මානය පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ස්ථාන කිහිපයකින් විශාල ලෙස ඉරි තලා ඇති බවත් එම ගම්මානයේ පිහිටි නිවාස කිහිපයක බිත්ති පුපුරා ඇති බවයි අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා කියා සිටියේ.
සදසිරි ගම්මානය නායයාමේ අවධානම් ලක්ෂණ මතුවිම නිසා ඒ පිලිබදව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනට තමන් කල දැනුම් දිමක් මත නිලධාරින් කණ්ඩායමක් එම ගම්මානයට පැමිණ පරික්ෂණ පවත්වා එම ගම්මානයේ පදිංචිකරුවන් ඉවත් වන ලෙසට කල දැනුම් දිමක් මත නිවාස 12 කට අයත් පවුල් 13 ක සමාජිකයන් තාවකාලිකව එම ගම්මානයට යාබදව පිහිටි තේ වත්තක ගොඩනැගිල්ලක පදිංචි කර ඇති බවත්,අවතැන් වු ගම්වාසින්ට අවශ්‍ය ආහාර පාන සහ පහසුකම් ලබාදිමට පියවර ගත් බවයි අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා කියා සිටියේ.
අවතැන් වු ගිනිගත්හේන රංජුරාව සදසිරිගම ගම්මානයේ ජනතාව කියා සිටින්නේ තම ගම්මානය නායයාමේ අවධානමක් පවතින්නේ නම් තමන් වෙනත් ස්ථානයක කඩිනමින් පදිංචි කිරිමට අවශ්‍යය කටයුතු කරන ලෙසයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පර්යේෂණ වාර්තාව ලද විගස ගිනිගත්හේන රංජුරාව සදසිරිගම ගම්මානයේ අවතැන් වුවන් සදහා සුදුසු ඉඩමක් ලබාගෙන එම ඉඩමේ අලුතින් නිවාස 13 ඉදි කිරිමට පියවර ගන්නා බවයි.
අලුතින් නිවාස 13 ක් ඉදි කිරිම සදහා වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සි.බි.රත්නායක මහතා ප්‍රතිපාදන ලබාදෙන බවට තමන්ට පොරොන්දු වි ඇති බවද අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා වැඩි දුරටත් පැවසිය.
හැටන් – රංජිත් රාජපක්ෂ