Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

විද්‍යුත් වාහන භාවිතය පිළිබඳ නියමු ව්‍යාපෘතියක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විද්‍යුත් වාහන භාවිතය පිළිබඳ නියමු ව්‍යාපෘතියක් ලබන වසරේදී (2022) ආරම්භ කිරීමට උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමට තීරණය කර ඇත.

ලබන වසරේදී නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා මෙම සැලැස්ම සැකසීමට පරිසර, ප්‍රවාහන, විදුලිබල, බලශක්ති, කර්මාන්ත හා මුදල් අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමට නියමිතය.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහායද ලබාගෙන සකස් කරන වාර්තාව අමාත්‍ය මණ්ඩලයට යොමුකර අවසන් තීරණයක් ගන්නා බව පරිසර අමාත්‍යාංශය පවසයි.

දැනට පවත්නා තාක්ෂණය අනුව වරක් ආරෝපණය කළ විද්‍යුත් වාහනයක් ධාවනය කළ හැකි උපරිම දුර ප්‍රමාණය කිලෝමීටර 300කි. ඉදිරියේදී එම සීමාව කිලෝමීටර 500 දක්වා වැඩි විය හැකි බව අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

Scroll to Top