තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කළ එදිරිසිංහ පවුලට අයත් දේපළ වහාම රජයට පවරා ගන්නා ලෙස ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ සංගමය ඉල්ලා සිටියි.
පවුල් 45,000 කගේ මුදල් මහ දවාලේ මංකොල්ල කෑ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඔවුන්ගේ දේපොළ කඩිනමින් රජයට පවරා ගන්නා ලෙස ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ සංගමය නීතිපතිවරයාගෙන් සහ අධිකරණ ඇමැතිවරයාගෙන් ද විශේෂ ඉල්ලීමක් කරයි.
ස්වර්ණවාහිනි ඇතුළු මාධ්‍ය ආයතන විකිණීම නීති විරෝධීයි. ඒ නිසා ඒවා නැවත රජයට පවරා ගන්නවා කියලා තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. නමුත් දැන් අපිට සැකයක් මතුවී තිබෙනවා අපි බලාපොරොත්තු වන දේ ඉෂ්ට වෙයිද කියලා’’ යනුවෙන් ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපතිවරිය වැඩිදුරටත් පැවසුවාය.