Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් (10) දින අලුයම සිට විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

ඉහල කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ජලාශයේ වාන් දොරටු තුනක් ස්වංක්‍රියව විවෘත වි ඇති බවත්, තවදුරටත් එම ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි පතිත වුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියි.

පවතින අධික වර්ෂාවත් සමග හැටන් දිඹුල පතන ඩෙවොන් දිය ඇල්ලේ ජල ධාරිතාව ඉහල ගොස් ඇති අතර , ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමත් සමග සෙන් ක්ලෙයාර් දිය ඇල්ලේද ජල ධාරිතාව ඉහල ගොස් ඇත.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top