ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම නිසා ඉන්දියාවට එරෙහිව ලබන අඟහරුවාදා ආරම්භ වීමට නියමිතව තිබූ තරගාවලිය දින 5 කින් පසුපසට ගෙන යාමට දෙරටේ බලධාරීන් තීරණය කර තිබේ.
ශ්රී ලංකාව හා ඉන්දියාව අතර තරගාවලිය 18 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
එක්දින තරග තුන මේ මස 18, 21 සහ 24 යන දිනවලද විස්සයි 20 තරග මේ මස 26, 28 සහ 31 යන දිනවලද පැවැත්වීමට සැලසුම් කර ඇත.