වතුකරයේ ගැබිණි මව්වරුන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිම හැටන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් (07) දින ආරම්භ කරනු ලැබුහ.
වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලි සිටි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නතර කර සිය රාජකාරි කටයුතු සදහා වාර්තා කරනු ලැබුහ.
කොටගල , හැරිංටන් , කුඩාඔය , ඩ්‍රෙටන් , රොසිටා යන ප්‍රදේශවල සායනට පැමිණි ගැබිණි මව්වරුන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදෙනු ලැබුහ.
නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වල සායන වලට පැමිණෙන ගැබිණි මව්වරුන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදෙන බවයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.සුදර්ශන් මහතා කියා සිටියේ.
හැටන් – රංජිත් රාජපක්ෂ