‘කොවිඩ් 19’ ඩෙල්ටා විකෘති ප්‍රභේදයටත් වඩා බිහිසුණු, එන්නත්වලින් මට්ටු කළ නොහැකි ‘ලැම්බ්ඩා’ විකෘති ප්‍රභේදය මේ වනවිට ලෝකයේ රටවල් 30 කට ව්‍යාප්තවී ඇති බවත්, ඒ ගැන විමසිල්ලෙන් පසුවන බවත්, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
‘ලැම්ඩා’ ලෙස නම් කරන ලද නව කොරෝනා විකෘති ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
පසුගිය දෙසැම්බර් මාසයේදී පේරු රාජයෙන් හඳුනාගත් ලද මෙම ප්‍රභේදය මේ වන විට රටවල් 100ක පැතිරී ගොස් ඇතැයිද එම සංවිධානය කියා සිටියි.
මෙම ලැම්ඩා ප්‍රභේදය පවතින ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා වේගයෙන් පැතිර යන බවත් ඊට ද වඩා මාරාන්තික වනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කරයි.
ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ප්‍රභේදය පාලනය එන්නත්වලට පවා සිදු කල නොහැකි බවයි.
මේ වනවිටත් ‘ලැම්බ්ඩා’ විකෘතිය සම්බන්ධයෙන් දත්ත සහ තොරතුරු එක් රැස් කර ගනිමින් පවතින බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.