ජනාධිපතිවරණයට අදාළ තැපැල් ජන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ආරම්භ කර ඇත.
ලබන 31 සහ නොවැම්බර් පළමු වන දින ජනාධිපතිවරණයට අදාළ තැපැල් ජන්ද සලකුණු කිරීම සිදුකිරීමට නියමිතයි. එම සලකුණු කළ ජන්ද පත්‍රිකා නැවත තේරීම්භාර නිලධාරීවරුවන් වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකර ඇති බව ද සදහන් වේ.
පොලිසිය, මැතිවරණ කාර්යාලය සහ දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලවල නිලධාරීන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කෙරෙන්නේ නොවැම්බර් 04 වන දිනයි.
මෙම දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි තැපැල් ඡන්ද දායකයන්ට නොවැම්බර් 07 වනදා තම රාජකාරී ස්ථානය පිහිටි දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය වෙත ගොස් ඡන්දය සලකුණු කිරීමේ අවස්ථාව සලසා දී ඇත.