පටු අරමුණු පසෙකට දමා මාරාන්තික වයිරසය පරාජය කිරීම සඳහා සියලුදෙනාම එකට එක්වී කටයුතු කළ යුතුව ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
සෞඛ්‍ය අංශ සේවක වැඩ වර්ජන සම්බන්ධව අදහස් දක්වමින් ඒ මහතා ඉල්ලා සිටියේ යම් යම් පාර්ශ්වවලට තිබෙන සුළු සුළු ප්‍රශ්න සාකච්ඡා මඟින් විසඳා ගතයුතු බවයි.
වයිරසය දන්නේ නෑ මේ අය මොන පාර්ශ්වේද කියලා. මේ පාර්ශ්වේ ඒ පාර්ශ්වේ කියලා වයිරසය එක එක පැති ගන්නේ නෑ. අපි කොයි කාගෙත් නෑයෝ මිතුරෝ. මේ මොහොතේ වයිරසයට ගොදුරු විය හැකියි.
අපි කඹ ඇද ඇද අපේ පටු අරමුණු දිනාගන්න කටයුතු කළොත් අපි ඔක්කොම අනතුරට වැටෙනවා.