Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාබනික පොහොර නිෂ්පාදනය පිලිබදව දැනුවත් කිරිමේ වැඩසටහනක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වතු ආශ්‍රිත ප්‍රදේශවල එලවළු වගා කරන ගොවින්ට කාබනික පොහොර නිෂ්පාදනය පිලිබදව දැනුවත් කිරිමේ වැඩසටහනක් හැටන් කොටගල ඩ්‍රෙටන් වතු යායේදි සිදු කෙරිණ.

රජයේ සේවකයන්ගෙන් සැදුම්ලත් නුවරඑලිය දිස්ත්‍රික් තිරසර සංවර්ධන ජාලය මගින් කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය පිලිබදව දැනුවත් කිරිමේ වැඩසටහන සිදු කරනු ලැබුහ.

තේ වතු ආශ්‍රිතව කොම්පොස්ට් වගාවට අවශ්‍යය අමුද්‍රව්‍ය අවශ්‍ය තරම් තිබෙන බවත්,ඒ අනුව කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය කිරිමට වතු ආශ්‍රිත ප්‍රදේශවල එලවළු වගා කරන ගොවින්ට කිසිදු පිරිවැයක් දැරිමට සිදු නොවන බවයි නුවරඑලිය දිස්ත්‍රික් තිරසර සංවර්ධන ජාලයේ කැදවුම්කරු කිංස්ලි ගෝමස් මහතා කියා සිටින්නේ.

වතු ආශ්‍රිතව එලවළු වගා කරන සැම ගොවියෙකුම එක් කර ගනිමින් කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය පිලිබදව එම ගොවින්ව දැනුවත් කිරිම අඛණ්ඩව සිදු කරන බව කිංස්ලි ගෝමස් මහතා කියා සිටිහ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top