Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රි.ල.පො.පෙ හා ල.ක.කො අතර අවබෝධතා ගිවිසුම අත්සන් කෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය ලබා දිම සදහා වු අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම කොළඹ ශ්‍රි ලංකා පදනම් ආයතනයේදි සිදු කෙරිණ.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් එම පෙරමුණේ සභාපති පා.ම ජි.එල් පිරිස් , ලංකා කම්කරු කොන්ග්‍රසය වෙනුවෙන් එහි නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා අවබෝධතා ගිවිසුමට අත්සන් කෙරිණ.

ලංකා කම්කරු කොන්ග්‍රසය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමේ අවස්තාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ , ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගි විය.

ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් වතු කම්කරුවන් වෙනුවෙන් ඉල්ලිම් 32ක්  ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ වෙත ඉදිරිපත් කර ඇති බවත්, එම කරුණු 32 කම ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ විසින් පිලිගෙන එම ඉල්ලිම් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුලත් කිරිමට පොරොන්දු වු බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති එම් රමේෂ්වරන් මහතා පැවසිය.

දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමේ අවස්තාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ නායකයින් සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නායකයින් රැසක් සහභාගි විය.

Scroll to Top