අනුරාධපුර, මහවිලච්චිය ගොවි ජනපදයේ අක්කර දහසක් ඉක්මවා වගා කළ වට්ටක්කා වගාවන්ට රසායනික පොහොර නොමැතිවීමෙන් අපේක්ෂිත අස්වැන්නක් නොලැබීමේ තත්වයක් ඇති වීමෙන් ගොවීන් පීඩාවට පත්ව ඇති බවට සැලවීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා එම ගොවීන් හමුවට ගොස් ඔවුන්ගේ ගැටලු සාකච්ජා කරනු ලැබීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ථ වට්ටක්කා වගාවෙන් 3/4 ක්ම වගා කරනුයේ මහවිලච්චියේ ගොවීන්ය.ඔවුන් අද වන විට රසායනික පොහොර නොමැතිව මහත් අසීරුතාවකට පත්ව ඇතැයි වාර්ථා වේ.
එම ගම්මානයේ වුල් 800 ක් පමණ ජීවත් වෙන්නේ අහස් දියෙන් පිරෙන මහවිලච්චිය වැවෙන් ලබා ගන්නා ජලයෙන් හා වගා ලිං වල ආධාරයේ වගා කරන වට්ටක්කා හා බඩඉරගු වගාවෙනි.මහවිලච්චිය, පේමඩුව,මන්නාරම් හංදිය, කුකුල්කටුව, විලච්චිය හා යාය 04 ප්‍රදේශ වල අක්කර 1000 කට වැඩි ප්‍රමාණයක් මෙම ගම්මාන වල ගොවින් වගාවන් සිදු කරයි.
ගොවීන් පෙන්වා දෙන්නේ, වන අලි තර්ජන මධ්‍යයේ මාස දෙකක් පමණ වගාබිම්වල රැඳී සිටිමින් දැඩි දුෂ්කරතා විඳ වගාවන් සිදු කළ ද ඒ සඳහා වැය කළ මුදල් සියල්ලම අපතේ ගොස් ඇත්තේ වගාවන්ට අවශ්‍ය කාලයේදී පොහොර නොමැති වීමෙන් බවද ගොවීන් පවසති.
මහවිලච්චිය ගොවි ජනපදයේ, මන්නාරම් හංචිය පදිංචි ගොවි නායකයකු වන රුවන් හේමන්ත මහතාගේ නිවසටම ගොස් ඒ මහතා හමු වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවතින ගැටලුව සම්බන්ධයෙන් විමසා සිටියේය,
එහිදී රුවන් හේමන්ත මහතා, කියා සිටියේ,
වගා කිරීම සඳහා මිලදී ගත් වට්ටක්කා බීජ ග්රූම් 100 ටින් එකක් රුපියල් 5000 ක පමණ වන බවත්, ඉතා සුළු බිම් ප්‍රමාණයක් එම ටින් එකකින් වගා කළ හැකි බවයි, වට්ටක්කා අස්වනු නෙලන කාළය වන විට කිලෝවක් රුපියල් 50 කට පමණ පසුගිය කාළයේ අලෙවි කළ බවද වට්ටක්කා වගාව තුළින් තමන්ට ඉහළ ආධායමක් ලබා ගත හැකි බවද පැවසීය. රසායනික පොහොර යෙදීමත් සමඟ වට්ටක්කා වැල හොඳින් සැදී ගෙඩි ලොකුවට හට ගන්නා බව එහිදී ඔහු අමාත්‍යයවරයාට පැවසීය.
අපි අත්දැකීමක් ගන්න වගේ හැමපාරකම ලියදි දෙකක විතර හදනවා වට්ටක්කා රසායනික පොහොර දාන්නේ නැතිව, කොම්පෝසට් දැම්මට අරවගේ හැදෙන්නේ නෑ. වැල නිකං එකම තැන තියෙනවා.රසායනික පොහොර දැම්මාම වැල කොළ පාට වෙලා, ඇදිලා යනවා. දවස් 45 න් මල් හැදිලා, දවස් 70 න් අස්වැන්න ගන්නත් පුළුවන් රසායනික පොහොර දැම්මාම.
පොහොර නැති නිසා ගිය පාර වට්ටක්කා හැදුවේ නෑ, ගොවිජන සේවා එකෙන් දුන්න උදු හිටෙව්වා, උදු වලට කහරෝගයත් හැදුනා, වට්ටක්කා වලින් වගේ ලාභයක් ලැබුනේ නෑ, රසායනික පොහොර නැති නිසා 50% ක්ම ගොවි ජනතාව වැටිලා ඉන්නේ, ආණ්ඩුව කෙරෙහි ගොවියෝ විශාල කළකිරීමකින් ඉන්නේ, යන යන හැම තැනකම මිනිස්සු බනිනවා.
ආණ්ඩුවට කරන්න තිබ්බේ 50% ක් රසායනික පොහොර දීලා, ඉතිරි 50% ට කොම්පෝස්ට් වගාවට ගිහින් කෘ.ප.නි.ස නිළධාරීන් හරහා අපිට මේක හුරු කරන්න තිබ්බා.එක පාරම රසායනික පොහොර නවත්තපු එකෙන් ගොවියෝ කබලෙන් ලිපට වැටුණා වගේ වැඩක් වෙලා තියෙන්නේ. දැන් වට්ටක්කා හදලා තියෙනවා, නමුත් අස්වැන්න නෑ, අස්වැන්න නැති වෙන්න හේතුව තමයි පොහොර නැතිකම, ගෙඩි ඔක්කොම පොඩියි දැන්.යමු ඇමතිතුමා ඔ්න නම් හේන් යාය බලලා එන්න යැයි පැවසීය.
ඒ අනුව අමාත්‍යයවරයා හා ගොවීන් පිරිසක් අදාළ වට්ටක්කා හේන් යාය වෙත ගොස් අමාත්‍යයවරයාට එහි සැබෑ තත්වය පෙන්වා දුන්හ.
එහිදී ගොවින් රසායනික පොහොර නොමැති වීමෙන් කහ ගැසී ඇති වට්ටක්කා වගාවකට අමාත්‍යයවරයා කැදවාගෙන ගොස් එහි ඇති කුඩා වට්ටක්කා ගෙඩි පෙන්වමින් කියා සිටියේ, මේ තමා ගෙඩි වල උපරිම ලොකු, මීට වඩා ආයේ ලොකු වෙන්නේ නෑ මේ ගෙඩි, මේ ගෙඩියක දැන් තියෙන්නේ ග්‍රෑම් 300-350 ක් වගේ, රසායනික පොහොර නැති නිසයි මෙහෙම වෙලා තියෙන්නේ, සාර්ථක නෑ කොම්පෝස්ට් දැම්මට,මේකට කොම්පෝස්ට් දැම්මාට හැදිලා නෑ, ගෙඩි හැදුනාට ගෙඩි ලොකු වෙන්නේ නෑ, රසායනික පොහොර දැම්මා නම් මේ ගෙඩිය හැදිලා පිම්බිලා එනවා.මේ වගාව කරන්න රසායනික පොහොර වගේම, කෘමි නාශක ඔ්න.
අමාත්‍යයතුමන් එහිදී විමසා සිටියේ, 100%ක් කාබනික වගාවේදී කෘමි හානිය අවම වීමක් නැතිද යන්නයි, එවිට ගොවීන් කියා සිටියේ කිසිම ගොවියෙක් 100% ක් කාබනික වගාව මේ තාක් සිදු කර නොමැති බවයි.
ගොවින් වැඩි දුරටත් කියා සිටියේ මේ පොළව දැන් සම්පූර්ණයෙන්ම රසායිනක පොහොර වලට හුරු වෙලා තියෙන්නේ, බීජත් රසායනික පොහොර වලට හුරු වෙලා තියෙන්නේ, එතකොට එකපාරම කාබනික වගාවකට ගිහින් හොඳ අස්වැන්නක් ගන්න අමාරුයි. පොහොර දාන්නේ නැතිව හැදුවාම පැලේ හැදිලා එන්නේ නෑ, රසායනික පොහොර දැම්ම ගමන් පැලේ හැදිලා එනවා. එතකොට රසායනික පොහොර දාපු එකේ වැල දුවනවා, කාබනික පොහොර දාන එකේ වැල දුවන්නේ නෑ. ඒ කියන්නේ මේ පොළව රසායනික පොහොර වලට තමා හුරු වෙලා තියෙන්නේ.
අපි වට්ටක්කා වගා කරන කොට ඉස්සරලාම කරන්නේ වල හාරලා, ඒ වලට මඩ පොහොර අහුරක් දානවා,ඊට පස්සේ තමා බීජ හිටවන්නේ, බීජ හිටවලා දවස් 15 න් ගෝවා පැලේ වගේ වට්ටක්කා වැල හැදිලා එනවා. පොහොර දාන්නේ නැතිව බීජ හැදුවාම ඒ පැලේ එක තැන තියෙනවා.කොම්පෝස්ට් දැම්මාම පැලේ කොඩ වෙලා , වැල ඇදෙන්නේ නැතිව යනවා.අපි ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නේ, අපිට වගාවක් කර ගන්න බැරි වෙනවා ඉස්සරහට, අපි තව ටිකක් බලනවා, හරි යන්නේ නැත්නම් ඉතින් අපිට ඉස්සරහට ගොවිතැනින් අයින් වෙන්න තමා වෙන්නේ.
අපි දැනට කොම්පෝසට් හදන්න ලෑස්ති කරලා තියෙනවා, රට තණ කොළ , ගොම මිශ්‍ර කරලා කාබනික පොහොර හදන්න යන්නේ,රට තණ කොළ වලින් ඔක්කෝටම වැඩිය තණ කොළ මතුවෙන්න ගන්නවා.රට තණ කොළ මිශ්‍ර කරලා කාබනික පොහොර හදන්න ගියාම ඒකෙන් මුළු කුඹුරම කැලෑවක් වෙනවා, මල් පිපුණ රට තණ කොළ වල බීජ කලවම් වුණාම ඒවා පැළවෙනවා. තාම හරියට මේ කාබනික පොහොර හදන විදිහ කියලා උපදෙස් දීලා නෑ කවුරුත්, කාබනික වගාව කරන්න කියලා විතරයි කියලා තියෙන්නේ, ගොවි සංවිධාන මට්ටමින් කරන්න යන්න කියලා, අයදුම් පත්‍ර දීලා තියෙනවා.ඉදිරියෙට මොනවා වෙයිද කියලා කියන්න අමාරුයි.
දැනට අක්කර 1000 – 1500 ක විතර වට්ටක්කා හදලා තියෙනවා, මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඊළඟ කන්නයේ කොම්පෝස්ට් එක්ක වට්ටක්කා හදන්න බැරි වෙනවා. දැන් යන ක්‍රමයත් එක්ක රසායනික පොහොර වලින් අක්කරයකින් එක ගොවියෙක් රුපියල් ලක්ෂ 03 කට වැඩි ලාභයක් ගන්නවා.
මේ වෙලාවේ එළවලු වගා කරන මහවිලච්චියේ ගොවියෝ ගැන රජය විදිහට කවුරුත් බැලුවේ නෑ, උපදෙස් දුන්නෙත් නෑ, ඇමතිතුමා මෙහෙම ඇවිත් බලපු එක ගැන මහවිලච්චියේ ගොවීන් හැටියට ලොකු සතුටක් යැයි ගොවීන් එහිදී පැවසීය.
අමාත්‍යයතුමන් එහිදී කියා සිටියේ මම දිස්ත්‍රික්කයේ ගොවි සංවිධානත් එක්කත් සාකච්ජා කළා, මේ වැඩසටහන හොඳයිනේ, කාබනික වගාවට යොමුවීමෙන් ගොවි මහත්වරුන්ගේ ආදායම අඩු වෙනවාද? අස්වැන්න අඩුවෙනවාද කියන ප්‍රශ්නයනේ තියෙන්නේ, එක හරියට සාකච්ජා කරලා, මේ වැඩපිළිවෙල ක්ෂණිකව කරනවාද, එහෙම නැත්නම් අවුරුදු 02-03 කින් 100% ක කාබනික වගාවට යනවාද කියන තීරණයට එන්න ඔ්න.
ගොවින් එහිදී කියා සිටියේ, මේ වැඩපිළිවෙලට ක්‍රමක් ක්‍රමයෙන් යනවා නම් තමා මේ වැඩේ සාර්ථක වෙන්නේ, එක පාරම මේ තීරණය ගත්ත එක ගැන රජය ගැනත් එක්කම අපිට කළ කිරීමක් තියෙන්නේ, අපිත් ඡන්දය දුන්නේ ගෝඨාභය මහත්තයා ජනාධිපති කරන්න. නමුත් දැන් අපිට රජය ගැනත් කළකිරීමක් තියෙනවා. හැබැයි රජය පැත්තෙන් ඇමතිතුමා හරි මේ ගැන හොයලා බලන්න ආව එක ගැන සතුටක් තියෙනවා මහවිලච්චිය ගොවි මහත්වරු හැටියට.
අනතුරුව රසායනික පොහොර යොදා සාර්ථව සිදු කළ වගාවක්ද අමාත්‍යයතුමන්ගේ නිරීක්ෂණයට ලක් විය.
මීට අමතරව එම ගොවීන්ට වගා කිරීමේදි පවතින වන අලි ගැටලුවට විසදුම් ලෙස අලිවැට ප්‍රථිසංස්කරණය කිරීම හා ජල ගැටලුවට විසදුමක් ලෙස වගා ලිං හෑරීම සම්බන්ධයෙන්ද අමාත්‍යයතුමන් එහිදී ගොවීන් සමඟ සාකච්ජා කරනු ලැබීය.
තිසර සමල්