Aboutceylon Online

සත්‍යග්‍රහය සිදු කල වතු යාය හුදකලා වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව කොටියාගල වත්ත පහල කොටස (01) දින සිට හුදකලා කිරිමට බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කටයුතු කර ඇත.

එම වතු යායෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් ගණනාවක් හමුවිම නිසා එම අසාදිතයන්ගේ ආශ්‍රිතයන් විශාල පිරිසක් ස්වයං නිරෝධානයට යොමු කර තිබිම නිසා එම වතු යායේ පහල කොටස හුදකලා කිරිමට සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරිවරයා කටයුතු කර ඇත.

එම වතු යාය හුදකලා කිරිමත් සමග බගවන්තලාව පොලිසියේ නිලධාරින් එම වතු යායේ තේ කර්මාන්ත ශාලාවට පිවිසෙන ප්‍රධාන ගේට්ටුව අසල රු දහසේ වැටුප් ගැටළුවක් මුලික කරගනිමින් වතු පාලන අධිකාරියට එරෙහිව (30) දින සිට එම වතු යායේ තරුණයන් 06 දෙනෙකු විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය නතර කරන ලෙසට එම ස්ථානයට ගොස්  එම තරුණයන්ට ප්‍රකාශ කිරිමත් සමග පොලිසිය සහ එම තරුණයන් අතර දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති විය.

බගවන්තලාව පොලිසියේ නිලධාරින් සත්‍යග්‍රහයේ නියැලි සිටි තරුණයන් සහ ඔහුන්ට සහයෝගය දැක්විමට පැමිණි වතු කම්කරුවන් හමුවේ කියා සිටියේ බගවන්තලාව වත්ත පහල කොටස වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර ඇති නිසා සියළු දෙනා එම ස්ථානයෙන් ඉවත් වි තම නිවාස වලට යන ලෙසයි.

පොලිසියේ උපදෙස් නොතැකු සත්‍යග්‍රහයේ නියැලි සිටින තරුණයන් සහ සහයෝගය දැක්විමට පැමිණ සිටි වතු කම්කරුවන් කියා සිටියේ තම ගැටළුවට විසදුමක් ලැබෙන තෙක් තමන් ආරම්භ කල සත්‍යග්‍රහය අවසන් නොකරන බවයි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top