Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

එංගලන්තයට පහසු ජයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක එංගලන්තය කඩුලු 5 කින්  ජය ගත්තේය.

ලකුණු 186ක පහසු ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම, තරගය ජය ගත්තේ පන්දුවාර 34යි පන්දු 5ක් අවසානයේදී කඩුලු 5 ක් පමණක් දැවී තිබියදීය.

මුල් පෙල කඩුලු 3 ලකුණු 46කදී බිඳ වැටීමෙන් අනතුරුව පිටියේ ස්ථාවර වූ නායක කුසල් ජනිත් පෙරේරා සහ වනිදු හසරංග සිව්වැනි කඩුල්ලට ලකුණු 99ක සබඳතාවක් ගොඩනැගුවේය.

3 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ වනිදු හසරංග ලකුණු 54ක් ලබාගත්තේය. 15 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ නායක කුසල් ජනිත් පෙරේරා ලකුණු 73ක් රැස් කළේය.

 

Scroll to Top