මධ්‍යම පලාත තුල කොවිඩ් මර්ධනය සදහා දියත් කර ඇති වැඩපිලිවෙල හමුවේ පසුගිය සති දෙක කාලය තුල මධ්‍යම පලාත තුල කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් වාර්තා විමේ අඩුවක් සහ කොවිඩ් මරණ වාර්තා විමේ අඩුවක් දක්නට ලැබෙන බව මධ්‍යම පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් විරසුරිය මහතා පැවසිය.
මධ්‍යම පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා ඒ බැව් කියා සිටියේ මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ මහල් තුනක් කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් ප්‍රතිසංස්කරණය කිරිම සම්බන්ධයෙන් සොයා බැලිමට එම රෝහලේ නිරික්ෂණ චාරිකාවකට එක්විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්මිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මධ්‍යම පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක නිහාල් විරසුරිය මහතා කියා සිටියේ මේ වන විට මධ්‍යම පලාත තුල කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ගණනාවක් ස්ථාපනය කර ඇති බවත්, ඒ අනුව මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ මහල් තුනක අංග සම්පුර්ණ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් ප්‍රතිසංස්කරණය කිරිමෙන් අනතුරුව එහි රෝගින් 300 කට ප්‍රතිකාර ලබා දිය හැකි බවයි.
මධ්‍යම පලාත තුල මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 23900 ක් වාර්තා වි ඇති බවත්,කොවිඩ් මරණ 662 වාර්තා වි ඇති බවයි.
මධ්‍යම පලාත තුල තවදුරටත් කොවිඩ් 19 වෛරස් වසංගතය පැතිර යාම පාලනය කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් පරිදි තම කාර්යාලය මගින් වැඩපිලිවෙලවල් රාශ්‍රියක් මේ වන විට දියත් කර ඇති බවයි.
හැටන් – රංජිත් රාජපක්ෂ