තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර රෙදි කැබලි වලින් ඔතා තිබු කාන්තා මල සිරුරක් සොයාගත් බව පුඩළුඔය පොලිසිය පැවසිය.
මෙසේ සොයාගනු ලැබුවේ පුඩළුඔය සීන් වත්තේ පදිංචි පෙරුමාල් මාලා (40) නැමති කාන්තාවගේ සිරුරයි.
(29) දින අලුයම ඝාතනය කර ඇති බවට සැකකෙරෙන එම කාන්තාවගේ සිරුර ඇය පදිංචි පුඩළුඔය සීන් වත්තේම තිබි හමු වු බවත්,ඝාතනය සම්බන්ධයෙන් මරණකාරිණියගේ නිවස ආසන්නයේම පදිංචි අවු 20 තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවයි පුඩළුඔය පොලිසිය කියා සිටියේ.
මරණකාරිණිය සහ සැකකරු අතර ඇති වුවේ යැයි කියන ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට සැකකරන පුඩළුඔය පොලිසිය කියා සිටින්නේ මරණකාරිණිය සැමියාගෙන් වෙන් වි තනිවම නිවසේ ජිවත් වන බවයි.
ඝාතනය සම්බන්ධයෙන් පුඩළුඔය පොලිසිය පරික්ෂණ පවත්වයි.
හැටන් – රංජිත් රාජපක්ෂ