කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග පනවා ඇති නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක සිසුන් පිරිසකට පාසල තුල පන්ති පැවැත් වු විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්ට දිඹුල පතන පොලිසියේ නිලධාරින් විසින් දැඩි ලෙස අවවාද කරනු ලැබුහ.
එම පාසලට ළමුන් විශාල පිරිසක් කැදවා පාසල තුල පන්ති පවත්වන බවට දිඹුල පතන පොලිසියට ලද තොරතුරක් මත දිඹුල පතන පොලිසියේ නිලධාරින් එම ස්ථානයට යන විට පාසලට පැමිණි සිටි ළමුන් අතුරු මාර්ග ඔස්සේ ළමුන් නිවාස කරා ගොස් ඇති බවයි දිඹුල පතන පොලිසිය කියා සිටියේ.
වතුකරයේ ප්‍රධාන නගර වල ඇතැම් දමිල පාසල් වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වලට රහසිගතව ළමුන් පාසල වෙත කැදවා පන්ති පවත්වන බවයි ගුරු වෘත්තිය සමිති වල නිලධාරින් කියා සිටින්නේ.
හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ ප්‍රධාන පාසලේ පන්ති පැවැත් වු විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්ට දැඩි ලෙස අවවාද කල බව දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.
හැටන් – රංජිත් රාජපක්ෂ