සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ රෙගුලාසි කඩ කරමින් සිය සහයිකාවක වන ජිනා කොලඩන්ජෙලෝ නමැත්තිය ප්‍රසිද්ධියේ සිප ගැනීමේ ඡායාරූපයක් මාධ්‍ය මගින් පළ කිරීමත් සමග බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය ලේකම් මැට් හැන්කොක්, සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ජනතාවට ලබාදුන් උපදෙස්, නීති සම්පාදනය කරන පුද්ගලයෙකු වශයෙන් තමා අතින් ගිලීහී යාමේ වරද පිළිගනිමින් ධුරයෙන් ඉවත් වන බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත්තේ ජනතාව කරන කැපකිරීම්වලට ගරු කරමින් තමා එම තීරණය ගත් බවයි.