සංචරණ සීමා අද (25) අලුයම 4.00 ලිහිල් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
සංචරණ සීමා ඉවත් කරත් එදිනදා කටයුතු කිරීමේදී අදාළ සෞඛ්‍ය උපමානවලට අනුව කටයුතු කරන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
සංචරණ සීමා ලිහිල් කෙරුණ ද ජුලි මස 05 වන දින දක්වා පළාත් සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක බවත් බස්නාහිර පළාත තුළ විශේෂ සංචරණ සීමා ක්‍රියාත්මක කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
මේ අතර නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ගෙවුණු පැය 24 තුළ පුද්ගලයින් 743 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
සංචරණ සීමා අද අලුයම 4 සිට ඉවත් කෙරුණ ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ජනතාව කටයුතු කළයුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේ, අද දිනයේ මුහුණු ආවරණ පැළදීමට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීම ගැන වැඩි අවධානයක් යොමු කරන බවය.