Aboutceylon Online

අදුන් දිවියන් ගාමිණිපුර ජනතාව බිතියට පත්කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හැටන් සිංගිමලේ රක්ෂිතයේ සැරිසරන අදුන් දිවියන් ගොදුරු සොයා රාත්‍රි කාලයේ තම නිවාස අසලට පැමිණිම නිසා තමන් දැඩි බිතියට පත් වි සිටින බව හැටන් ගාමිණිපුර ජනතාව පවසයි.

හැටන් සිංගිමලේ රක්ෂිතයට යාබදවම පිහිටි හැටන් ගාමිණිපුර ගම්මානයට රාත්‍රි කාලයේ අදුන් දිවියන් කිහිප දෙනෙකු සුනඛයින් සහ බළලුන් දඩයම් කිරිම සදහා පැමිණෙන බවත්, එසේ පැමිණෙන අදුන් දිවියන් තම නිවාස අසලටම පැමිණ රැදි සිටින අයුරු ආරක්ෂිත කැමරා පද්ධති වලද සටහන් වි ඇති බවයි හැටන් ගාමිණිපුර ජනතාව පවසන්නේ.

හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ මේ වන විට සුරතලේට නිවසේ ඇති කරන බළලුන් සහ සුනඛයින් කිහිප දෙනෙකු අතුරුදහන් වි ඇති බවත්, අතුරුදහන් වි ඇති එම සුරතල් සතුන් ගම්මානයට පැමිණෙන අදුන් දිවියන් විසින් රැගෙන යන්නට ඇති බවයි හැටන් ගාමිණිපුර ජනතාව කියා සිටින්නේ.

රාත්‍රි කාලයේ තම නිවාස අසලට පැමිණෙන අදුන් දිවියන් නිදහසේ මද වේලාවක් රැදි සිට ගොදුරු සොයාගෙන ආපසු රක්ෂිතයට යන බවත්, පවත්නා තත්ත්වය මත රාත්‍රි කාලයේ නිවසින් බැහැර විමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි හැටන් ගාමිණිපුර ජනතාව පවසන්නේ.

හැටන් ගාමිණිපුර ගම්මානයට රාත්‍රි කාලයේ පැමිණෙන අදුන් දිවියන් අල්ලා වෙනත් රක්ෂිතයකට රැගෙන ගොස් මුදා හරින ලෙස එම ගම්මානයේ පදිංචිකරුවන් වනජිවි නිලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top