සංචරණ සිමා නිතිය උල්ලංඝනය කරමින් තලවකැලේ නගරයේ ව්‍යාපාරිකයන් පිරිසක් සමග සාදයක් පවත්වමින් සිටියදි තලවකැලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරි තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති ලෙච්චුමන් භාරතිදාසන් මහතා ඇතුළු තලවකැලේ නගරයේ ව්‍යාපාරිකයන් 06 දෙනෙකු (21) දින සිට දින 14 ක් ස්වයං නිරෝධානයට යොමු කල බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.සුදර්ශන් මහතා පැවසිය.
තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා ලංකා කම්කරු කොන්ග්‍රසයට සහයෝගය දක්වන තලවකැලේ නගරයේ ව්‍යාපාරිකයන් රැසක් එකතු කර ගනිමින් තලවකැලේ ඉහල කොත්මලේ ජලාශයට යාබදව පිහිටි පෞද්ගලික උත්සව ශාලාවක සාදයක් පවත්වන බවට 119 හදිසි ඇමතුම් ඒකකයට කල පැමිණිල්ලක් මත තලවකැලේ පොලිසියේ නිලධාරින් විසින් එම උත්සව ශාලාව වෙත ගොස් සභාපතිවරයා ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, එම උත්සව ශාලාවේ සිටි තවත් පිරිසක් පලාගොස් ඇත.
අත්අඩංගුවට ගත් තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා ඇතුළු ව්‍යාපාරිකයන් 06 දෙනා පොලිස් ඇප මත මුදා හැර ඔහුන්ට එරෙහිව නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගැනිමට තලවකැලේ පොලිසිය පියවර ගෙන ඇත.
තලවකැලේ පොලිසිය විසින් කල දැනුම් දිමක් මත කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍යවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා ඇතුළු එම සාදයට සහභාගි වු තවත් 06 දෙනෙකු ලබන මස (04) දින දක්වා ගෘහස්ථ නිරෝධානයට යොමු කිරිමට පියවර ගැණින.
නිරෝධානයට යොමු කල පිරිස පි.සි.ආර් පරික්ෂණයට භාජනය කරන බවද කොටගල සෞඛ්‍ය වෛද්‍යවරයා පැවසිය.
හැටන් – රංජිත් රාජපක්ෂ