ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ, ජය හිමි කර ගන්නා කණ්ඩායමට ටෙස්ට් ශූරතා කුසලානය සමගින් අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් හිමි වන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.
අනුශූරයින්ට හිමිවන මුදල අමෙරිකානු ඩොලර් ලක්ෂ 8 කි.
ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයේ ඊයේ (20) තුන්වන දිනයයි.
අයහපත් ආලෝකය හේතුවෙන් තරගය ඊයේ දිනය සඳහා නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 146කි.
විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම සහ කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත කණ්ඩායම පළමු වරට පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා තිබේ.