මට්ටක්කුලියේ ක්‍රිස්තියානි පල්ලියක් සහ පාසලක් අසළ සැකකටයුතු වාහනයක් තිබෙන බවට පාසලට ශිෂ්‍යයින් පැමිණෙන අවස්ථාවේදී එය දැක ශිෂ්‍යයින් සහ දෙමාපියන් කලබලයකට පත්ව ඇත.
මට්ටක්කුලිය පොලිස් ස්ථානයට දැන්වීමෙන් අනතුරුව ඒ පිළිබඳව පරීක්ෂා කළ බව පොලිසිය සඳහන් කරන්නේ කාර්මික දෝෂයකට ලක්ව අයිතිකරු විසින් එම ස්ථානයේ තබා ගොස් ඇති බව අනාවරණය වුන බවයි.
මේ වන විට එම වාහනයේ අයිතිකරුද එම ස්ථානයට පැමිණ ඇති අතර අසත්‍ය ප්‍රචාර පැතිරෙමින් ඇති බවත් ඒ සියල්ල අසත්‍ය ඒවා බැවින් මහජනතාව අනියත බියක් ඇති නොකර ගත යුතු බවයි පවසයි.