මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි පොලිස්පති සී. ඞී. වික්‍රමරත්න මහතා විසින් ඊයේ (18) දින සිට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීමට පත්කරනු ලැබ තිබේ.
ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා විශ්‍රාම ගැනීමත් සමගයි. මේ අතර තවත් නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට ඊයේ උසස්කර තිබෙනවා.
මෙසේ උසස්වීම් හිමිව ඇත්තේ රන්මල් කොඩිතුවක්කු,කිත්සිරි ජයලත් සහ රජිත ශ්‍රී දමින්ද යන නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටයි.