සැප්තැම්බර් මස 27 වැනිදා වන විට යුරෝපා සංගමයට එන්නත් මාත්රා මිලියන 80.2 ක් ලබා දෙන්නැයි බෙල්ජියම් අධිකරණයක් ඇස්ට්රාසෙනෙකා එන්නත් නිෂ්පාදන සමාගමට නියෝග කර තිබේ.
ඒ, ජුනි මස අවසානය වන විට එන්නත් මිලියන 120 ක් ලබාදෙන බවට වූ ගිවිසුම කඩ කිරීමට එරෙහිව, යුරෝපා සංගමය පනවා ඇති නඩු විභාගයකදී ය.
සැප්තැම්බර් 27 වැනිදා වන විට අදාළ එන්නත් තොග ලබාදීමට නොහැකි වන්නේ නම්, ඇස්ට්රාසෙනෙකා සමාගමට දඩ නියමකිරීමට ද අධිකරණය නියෝග කළේ ය.