Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඩෙල්ටා ආසාදිතයින් දෙමටගොඩින් මතුවෙයි – ව්‍යාප්තිය 50% කින් වේගවත්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්දියාවේ පැතිරයන කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් පස්දෙනකු දෙමටගොඩ ආරාමය ප්‍රදේශයෙන් හමුවූ බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මෙරටින් වාර්තා වූ සිඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ මුලික රෝග ලක්ෂණ පෙර ප්‍රභේදයන් සමග සැසදීමේදී සුළු වෙනස්කමක් පෙන්නුම් කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

මිට පෙර කොවිඩ් ආසාදිතයින් අතුරෙන් වාර්තා වූ ගද සුවද නොදැනීමේ රෝග ලක්ෂණය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් අතරින් වාර්තා නොවන බවයි ආචාර්ය චන්දිම ජිවන්දර ප්‍රකාශ කර සිටියේ.

ඩෙල්ටා ප්‍රභේදයේ මුලික රෝග ලක්ෂණ ලෙස හිසරදය, උගුරේ වේදනාව සහ සෙම්ප්‍රතිශ්‍යාව සැලකෙන බවද ඔහු සඳහන් කර සිටියා.

Scroll to Top