Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොවිව්ඩ් රෝගීන්ගේ රුධිරය කැටි ගැසීමට හේතු සොයාගැනේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ්-19 වැලඳෙන රෝගීන් තුළ රුධිරය කැටි ගැසීමේ තත්ත්වයක් ඇති වීමට හේතුව සොයා ගැනීමට අයර්ලන්තයේ පර්‌යේෂකයන් කණ්ඩායමක් සමත්ව ඇත.

ඔවුන් මෙහි දී සොයාගෙන ඇත්තෙ රුධිරය කැටි ගැසීම සඳහා හේතු වන වොන් විලබ්‍රෑන්ඩ් සාධකය (Von Willebrand Factor) නමින් හැඳින්වෙන අණු විශේෂයක් සහ එහි ක්‍රියාකාරිත්වය මැඩ පැවැත්වීමට කටයුතු කරන ADAMTS13 නමින් හැඳින්වෙන එන්සයිමයක් අතර සමතුලිතතාව කොවිඩ් රෝගීන් තුළ බිඳ වැටීම මෙයට බලපාන බවකි.

මෙම සමතුලිතතාව බිඳ වැටීම නිසා ලේ කැටී ගැසීම පාලනය කිරීමේ හැකියාව අඩු වීමෙන් බරපතල තත්ත්ව ඇති වන බව පර්‌යේෂකයන් සොයාගෙන තිබේ.

රුධිරය කැටි ගැසීම නිසා කොවිඩ් රෝගීන් සැලකිය යුතු තරම් සංඛ්‍යාවක් මේ වන විටත් මරණයට පත්ව තිබේ.

Scroll to Top