Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සහල් මිල ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සියලුම සහල් වර්ගවල මිල දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.

ඇතැම් සහල් වර්ගවල මිල සති දෙකකට පමණ පෙර පැවැති මිලට වඩා රුපියල් 10 ත් 25 ත් අතර ගණනකින් වැඩිවී ඇති බවත් නම ගිය සහල් නිෂ්පාදකයන්ගේ සහල් ඊටත් වඩා වැඩි ගණනකින් ඉහළ දමා ඇති බවත් පාරිභෝගිකයෝ පවසති.

රතු සහ සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 120 ත් 128 ක් අතර ද, නාඩු සහල් කිලෝවක් රුපියල් 125 සිට 135 අතර ද, සම්බා සහල් කිලෝවක් රුපියල් 155 සිට 170 අතර ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 220 සිට 230 අතර ද, මිලකට කොළඹ සහ අවට අළෙවි වන බව සිල්ලර වෙළෙන්දෝ පවසති.

රජයේ නියමයන් පරිදි සහල් මල්ලේ රජයේ පාලන මිල සඳහන් කර තිබුණ ද එහි සත්‍ය මිල ඊට වඩා වැඩි බව පාරිභෝගිකයෝ පවසයි.

 

Scroll to Top