Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් උද්ඝෝෂනයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් ගණනාවක් හමු විම නිසා  හුදකලා කර තිබු හැටන් වැලිඔය වත්තේ වතු කම්කරුවන් පිරිසක් ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් (15) දින උදැසන එම වතු යායට පිවිසෙන ප්‍රධාන මාර්ගය අභියස උද්ඝෝෂනයක නිරත විය.

ඉකුත් මස (21) දින සිට එම වතු යාය හුදකලා කර තිබු බවත්,හුදකලා කිරිම නිසා තමන්ට රජය විසින් ලබාදෙන කිසිදු සහනාදාරයක් හෝ රජය විසින් අඩු ආදායම් ලාභින්ට ලබාදුන් රු පන්දහසේ දිමනාව ලබා නොදුන් බවයි උද්ඝෝෂනයේ නියැලි සිටි එම වතු යායේ වතු කම්කරුවන් කියා සිටියේ.

එම වතු යායේ පාලන අධිකාරිය විසින්ද වතු යායේ සියළු දෙනාට සහනාදාර ලබාදිමට කටයුතු නොකල බවත් උද්ඝෝෂනයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටිහ.

එම වතු යාය හුදකලා කර තිබිම නිසා ආර්ථික වශයෙන් තමන් දැඩි පිඩාවට පත් වි සිටින බවත්, හුදකලා කර තිබු අනෙකුත් ප්‍රදේශවලට රජය විසින් ලබාදුන් සහනාදාර මල්ල තමන්ට ලබාදිමට කටයුතු කරන ලෙසයි උද්ඝෝෂනයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

වටවල පොලිසියේ නිලධාරින් උද්ඝෝෂනයේ නියැලි සිටි වතු කම්කරුවන් හමුවේ කියා සිටියේ වටවල වැලිඔය වතු යාය (15) දින හුදකලා භාවයෙන් ඉවත් කල බවත්, ඒ අනුව නිරෝධායන උපදෙස් වලට පටහැනිව උද්ඝෝෂනය සිදු නොකරන ලෙසටද උද්ඝෝෂනයේ නියැලි සිටි වතු කම්කරුවන්ට දැඩි ලෙස උපදෙස් ලබාදෙනු ලැබුහ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top