Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

හැටන් නගරයේ සංචරණ සිමා නිතිය දැඩි වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පනවා ඇති සංචරණ සිමා නිතිය (16) දින සිට දැඩිව ක්‍රියාත්මක කිරිමට හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කර ඇත.

නිසි අවසර පත්‍රයක් නොමැතිව අත්‍යවශ්‍ය සේවා දැන්විමක් පුවරුවක් රථ වාහන වල ප්‍රදර්ශනය කරමින් හැටන් නගරයට දිනපතා විශාල වාහන සංඛ්‍යාවක් පැමිණෙන බවට ලද පැමිණිලි කිහිපයක් මත එම වාහන සොයා (16) දින උදැසන හැටන් පොලිසියේ නිලධාරින් මෙහෙයුමක්ද දියත් කරනු ලැබුහ.

හැටන් නගර මධ්‍යයේ එසේ පැමිණි ආපසු හරවා යැවිමටත් ,නිසි අවසර පත්‍රයක් නොමැතිව අත්‍යවශ්‍ය සේවා දැන්විම ප්‍රදර්ශනය කර ධාවනය කර රථ වාහන රියදුරන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කලහ.

කාසල්රි ජලාශයේ අධි ආරක්ෂිත කලාපය තුල සංචරණ සිමා නිතිය උල්ලංඝනය කරමින් විශාල පිරිසක් අනවසරෙන් ධිවර කටයුතු වල නිරතව සිටින බව කාසල්රි ජලාශයේ ධිවර සමිතියේ සමාජිකයන් චෝදනා කර සිටියි.

ලංකා විදුලි බල මණ්ඩලය යටතේ පාලනය වන හැටන් කාසල්රි ජලාශයේ අධි ආරක්ෂිත කලාපය තුල සංචරණ සිමා නිතිය උල්ලංඝනය කරමින් විශාල පිරිසක් ධිවර කටයුතු වල නිරතව සිටින බව කාසල්රි ජලාශයේ ධිවර සමිතියේ සමාජිකයන් චෝදනා කර සිටියි.

කාසල්රි ජලාශය වටා වතු ආශ්‍රිත ප්‍රදේශවලින් කුඩා ළමුන් ඇතුළු විශාල පිරිසක් දිනපතා උදැසන සිට පස්වරුව වන තෙක්ම තහනම් කර ඇති විසි දැල් ඇතුළු මාළු ඇල්ලිමට තහනම් කර ඇති විවිධ වර්ගයේ බිලි කොකු උපයෝගි කර ගනිමින් ධිවර කටයුතු වල නිරතව සිටින නිසා කාසල්රි ජලාශයේ මත්ස්‍ය සම්පත විනාශ වි යාමේ තර්ජනයකට මුහුණ පා ඇති බවයි එම ජලාශයේ ධිවර කටයුතු වල නිරතව සිටින එම සමිතියේ සමාජිකයන් කියා සිටින්නේ.

අනවසරෙන් කාසල්රි ජලාශය වටා දිනකට දහසකට ආසන්න පිරිසක් ජලාශ ඉවුරු මත රැදි සිටිමින් ධිවර කටයුතු වල නියැලි සිටිම නිසා කාසල්රි ජලාශයේ නිතියානුකුලව ධිවර කටයුතු වල නිරතව සිටින ධිවරයන්ගේ ආදායම් තත්ත්වයද පහත වැටි ඇති බවයි එම ධිවරයින් කියා සිටින්නේ.

තම සමිතියේ සහ රජය ප්‍රතිපාදන මත කාසල්රි ජලාශයට මත්ස්‍ය පැටවුන් මුදා හරින බවත්,එහි මත්ස්‍ය සම්පත වෙනත් අයවරුන් අනවසරෙන් නෙලා ගන්නා බවත්, මෙම අනවසර මාළු ඇල්ලිමේ කටයුත්ත නතර කිරිමට නිලධාරින් කටයුතු කල යුතු බවයි කාසල්රි ජලාශයේ ධිවර සමිතියේ සමාජිකයන් කියා සිටින්නේ.

හැටන් රංජිත් රාජපක්ෂ

 

Scroll to Top