Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඔලිම්පික් යන සෑම කී‍්‍රඩකයකුටම ඇමරිකානු ඩොලර් 10,000ක දීමනාවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සෑම ඔලිම්පික් ක‍්‍රීඩකයෙකුටම ඇමරිකානු ඩොලර් 10,000 ක දීමනාවක් සහ දෛනික දීමනාවක් ලෙස තවත් ඇමරිකානු ඩොලර් 40 ක් ලබා දීමට තීරණය කර ඇතැයි ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටී. රූපවාහිනී සම්මුඛ සාකච්ඡුාවකදී අදහස් දක්මින් කියා සිටියේය.

ලබන ජුලි මස 23 වැනිදා සිට ජපානයේ පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගි වන විට ශ‍්‍රී ලංකා ඔලිම්පික් ක‍්‍රීඩකයන්ට මූල්‍ය ප‍්‍රතිලාභ සහ වෙනත් දිරිගැන්වීම් ලබා දීම පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මේ වන විටත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සිව්දෙනකු ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ඇති අතර තවත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 3ක් හෝ 4ක්  සුදුසුකම් ලබා ගනී යැයි අපේක්ෂා කෙරේ.

Scroll to Top