ලංකා දුම්කොළ සමාගමේ ඉහළ නිළධාරියෙකු ලබා දුන් ලිපියක් උපයෝගී කරගනිමින් හැටන් නගරයේ දුම්වැටි අලෙවි නියෝජිත ආයතනයක් විවෘතකොට දුම්වැටි අලෙවි කල එම නියෝජිත ආයතනය වසා දැමීමට හැටන් පොලීසිය කටයුතු කල බව පසුගියදා හැටන් නගරයෙන් වාර්තා විය.
කිසියම් සේවාවක් අත්‍යාවශ්‍ය සේවාවක් බවට හදුනාගෙන ඒ සදහා බලපත්‍ර නිකුත් කිරීම ප්‍රදේශීය ලේකම්වරයා විසින් සිදු කරද්දී ලංකා දුම්කොළ සමාගම විසින් අත්‍යාවශ්‍යසේවා බලපත්‍ර නිකුත් කරන්නේ කෙසේද? යන්න පිළිබදව අප ප්‍රශ්ණ කරන අතර අදාල සමාගමට විරුද්ධව පොලීසිය ගත් ක්‍රියාමාර්ග පිළිබදවද අප විමසිල්ලෙන් සිටින බව බළධාරින්ට මතක් කරමු.
මේ රටේ අහිංසක මිනිසුන්ට නීතිය අකුරටම ක්‍රියාත්මක කර මහාපරිමාණ සමාගම් සදහා නීතිය ක්‍රියාත්මක නොකිරීම තරයේ හෙළාදකින අතර නීතිය සමානව ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා පොලීසියෙන් හා සියලුම රාජ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිමු.
රංජිත් විතානගේ – සභාපති