මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (13) දින රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා දික්ඔය ඇළ පිටාර ගැලිමෙන් වතු නිවාස 23 ක් ජලයෙන් යට වි එහි සමාජිකයන් 51 දෙනෙක් පිඩාවට පත් වි ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
මෙසේ ජලයෙන් යට වි ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් දික්ඔය පොඩයිස් වතු යායේ දික්ඔය ඇළට යාබදව පිහිටි වතු නිවාස කිහිපයකි.
(13) දින රාත්‍රියේ ඇද හැලුණ අධික වර්ෂාවත් සමග රාත්‍රි 12 ට පමණ ඇල මාර්ගය පිටාර ගලා තම නිවාස වලට ජලය කාන්දු වු බවත්,මිට ප්‍රථම අවස්තා කිහිපයකදිම දික්ඔය ඇළ පිටාර ගැලිමෙන් තම නිවාස ජලයෙන් යට වු බවයි පිඩාවට පත් වතු කම්කරුවන් කියා සිටියේ.
නිවාස වලට කාන්දු වු වැසි ජලය මේ වන විට බැස ගොස් ඇති අතර,පිඩාවට පත් වතුකම්කරුවන්ට සහන සැලසිමට ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකය කටයුතු කර ඇත.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තද වැසි ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කෙරේ.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් (13) දින රාත්‍රියේ සිට විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
ඉහල කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ජලාශයේ එක් වාන් දොරටුවක් ස්වංක්‍රියව විවෘත වි ඇති බවත්, තවදුරටත් එම ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි පතිත වුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියි.
හැටන් – රංජිත් රාජපක්ෂ