වතුකරයේ සමස්ත සහාය සජිත්ට ?
වතුකරයේ ඇතැම් වෘත්තීය සමිති නායකයින් මෙවර ජනාධිපතිවරණයේදි වෙනත් අපෙක්ෂකයන්ට සහයෝගය දැක්විමට තිරණය කළද වතුකරයේ සමස්ත ජනතාව නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපති කරවිමට ඡන්දය ප්‍රකාශ කරන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පැවසිය.
අමාත්‍යවරයා මේ බව කියාසිටියේ ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කිරිම සම්බන්ධයෙන් හැටන් නගරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදිය.
නුවරඑළිය දිස්ත්‍රික් පා.ම එජාප මයිවාල්ගනම් තිලකරාජ් මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වු මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය පලනි දිගම්බරම් මහතා කියා සිටියේ,
අපි විශ්වාස කරනවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩම ඡන්ද හංසයට ගන්න පුළුවන් කියලා. හැම වත්තකම අපි යනකොට කියන්නේ සජිත් සජිත් කියලා. මෙවර ඡන්දයෙන් වැඩිම මනාප ගන්නේ සජිත් ප්‍රේමදාස.
මම තරම් වතුකරයට වැඩ කරපු ඇමතිවරයෙක් නෑ . මම ගෙවල් ටික හදලා දුන්නා , පාරවල් හදලා දුන්නා , ගෙවල් වලට ඔප්පු ලබා දුන්නා , පිරිසිදු වතුර අරන් දුන්නා , ඒ වගේ විශාල සංවර්ධනයක් කරලා තියෙනවා.
මේ අවුරුදු පහට මම ඩිෆෙන්ඩර් දාගෙන , එස්.ටි.එෆ් දාගෙන මිනිස්සුන්ට ගහන්න ගිහිල්ලා නෑ . මගේ ඉලක්කය ජනතාවට සේවය කරන්න එක . මම ඔප්පු කරලා තියෙනවා.
ඊයේ පෙරේදා කතා වුණා වතුකරයේ වෘත්තිය සමිති නායකයෙක් පොහොට්ටුවට ගියා කියලා. එයා පොහොට්ටුවේ තමයි හිටියේ , බොරුවට කතා කතා කර කර හිටියා , කුට්ටිය ගත්තා, සිට් තුනයි මුදලුයි දෙනවා කිව්වම මේ පැත්ත බෑ කියලා අනිත් පැත්තට ගියා . එයාලට කොන්දේසි තියෙනවා.
අපිට කොන්දේසි තියෙන්නේ ජනතාව එක්ක. මේ පාර සජිත් ප්‍රේමදාස වැඩි ඡන්දයෙන් නුවරඑළිය ජයග්‍රහණය කරනවා කියලා මම කියනවා.
එක්සත් ජාතික පක්ෂය අපෙන් අහනකොට අපි කිව්වා ඕනි කෙනෙක් ගන්න කියලා . වතුකරයේ ජනතාව ඉල්ලනේ සජිත් ප්‍රේමදාස. වතුකරයේ ජනතාව අපිත් එක්ක ඉන්නවා අපි ජනතාවට සේවය කරලා තියෙනවා. සජිත් ප්‍රේමදාස අවොත් මිට වඩා සංවර්ධන කරයි . අපිට අමතක කරන්න බෑ එතුමාගේ පියා තමයි අපිට පුරවැසිකම ලබා දුන්නේ.ඒක වතුකරයේ ජනතාවම කියනවා.
නුවරඑළිය අපි දිනනවා ඒක ගේමක් නෑ . ගිය පාර මන් කිව්වා වැඩි ඡන්ද හැත්තැ පන්දහසකින් ජය ගන්නවා කියලා . එතකොට ඌව පළාත් ඇමති කෙනෙක් මට විහිළු කරා මම ගත්තේ තිස්දහයි මෙයා කොහොමද හැත්තැ පන්දහසකින් ජය ගන්නේ කියලා. නමුත් එක්ලක්ෂ පන්දහසකින් අපි දිනුවා.
මම ඇමති වෙලා ජනතාවට සේවය කරලා තියෙන විදිහට මම කියනවා අපි එක්ලක්ෂ හැත්තැපන්දහසකින් ජය ගන්නවා කියලා.
සුළු ජාතින්ගේ වැඩිම ඡන්ද හම්බ වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට . එකෙන් 10% විතර අනිත් පැත්තට යයි. ගමේ ඉන්න මිනිස්සු ඉන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමග මොකද එතුමා පොඩි මිනිස්සුන්ට ආදරෙයි . එතුමා ආවම නිදහසේ ඉන්න පුළුවන් අපිට . මේ අවුරුදු පහ අපි නිදහසේ හිටියනේ .
මේ රටේ ජනාධිපතිට අගමැතිට බනින්න පුළුවන් ඉස්සර එහෙම නැනේ . ඒ නිසා අපි කියන්න කැමති සජිත් ප්‍රේමදාස මහතාට සුළු ජාතින්ගේ වැඩි ඡන්ද විතරක් නෙවෙයි සිංහල ජාතින්ගෙත් වැඩි ඡන්ද ලැබෙනවා කියලා මම කියන්න කැමති. යනුවෙන් පැවසිය.
#sajithpremadasa #sajithpremadasasong #sajithpremadasahousingproject #dulanjalipremadasa #ranasinghepremadasa #ravikarunanayake #digambaranimages