Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සංචරණ සීමා ඉවත් කිරීම තවත් කල් යයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව එම සංචරණ සීමා එළඹෙන 14 වනදා ඉවත් නොකෙරෙන අතර එය මේ මස 21 වනදා අලුයම 04 දක්වා බලපැවැත්වෙනු ඇත.

කෙසේ වෙතත් සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ අත්‍යවශ්‍ය සේවා ඇතුළු තවත් සේවාවන් කිහිපයක් සඳහා අවසර ලබාදීමට තීරණය කර ඇතැයි යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව, ඇඟලුම් කර්මාන්තශාලා ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් කටයුතු, සතිපොළ, කාබනික පොහොර නිෂ්පාදන කටයුතු මෙන්ම, කෘෂිකර්මාන්තයට අදාළ කටයුතුත් පවත්වාගෙන යාමට සෞඛ්‍ය නිර්දේශ යටතේ අවසර හිමිවේ.

එමෙන්ම බැංකු කටයුතු සහ ආර්ථික මධ්‍යස්ථාන, පවත්වාගෙන යන දිනයන් පසුව දැනුම් දෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට ගම්මානවල පවත්වනු ලබන සති පොලවල් යම් නියාමනයන්ට යටත්ව පැවැත්වීමට ද අවධානය යොමු වී ඇති බවයි මෙහිදී හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර නිසි අවසරයක් නොමැතිව ගමන් ගන්නා පුද්ගලයන් හා ධාවනය වන වාහනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම පළාතේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා.

ඒ වෙනුවෙන් හෙට සහ අනිද්දා දෙදින විශේෂ පරීක්‍ෂාවක් සිදුකරන ලෙසටද බස්නාහිර පළාතේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා. ඒ අනුව පළාත් මාර්ග බාධක සහ පොලිස් ස්ථාන මට්ටමින් යොදවා ඇති මාර්ග බාධක මෙන්ම මංසන්ධි රාජකාරීවල නිරත පොලිස් නිලධාරීන් එම විශේෂ පරික්‍ෂාව සිදු කිරීමට නියමිතයි.

සංචරණ නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 1,038 දෙනෙකු ඉකුත් පැය 24 තුළදී අත්අඩංගුවට ගැණුනු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

Scroll to Top