බණ්ඩාරනායක මහතා ජීවිත පරිත්‍යාගයෙන් ගොඩනගා ගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාත් කටයුතු කළා. 2018 අපේ අපේක්ෂකයින් 9000 කගේ උනන්දුවෙන් ගත්ත ලක්ෂ 13 වන ඡන්ද ටික ගැන නොසලකා ඔවුන් තනි තීරණ ගෙන හොර ගිවිසුම් අත්සන් කර පොහොට්ටුවට එකතු වුණා. අපි ඒ ගැන කණගාටු වෙනවා. ශ්‍රී.ල.නි.ප.යේ හිටපු සමහර ඇමතිවරුන්ට දැන් හූ හඩින් සංග්‍රහ ලැබෙනවා.
අපි ඒ අයටත් ආරාධනා කරනවා නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් විදියට දුප්පතාගේ හිතවතා, එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතා දිනවන්න අපත් සමඟ එකතුවෙන්න කියලා. රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින්ගේ සංගමයේ ලේකම් ජගත්සිරි ලියනගේ මහතා මෙලෙස පැවසුවේ පැල්මඩුල්ලේ පෞද්ගලික හෝටලයකදී පැවති මාධ්‍ය හමුවකදීය.
තව දුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා අසාධාරණයට ලක්වූ ලංකාවේ සිටින 9000 ක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ටත්, පාක්ෂිකයන්ටත් මෙවර හංසයාට උදව්කර සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කර ඊට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරැදිව ගොඩ නැගීමට සෑම දෙනාටම ආරාධනා කරන බවද පැවසීය.
එහිදි තව දුරටත් අදහස් දැක් වූ ලියනගේ මහතා….
අපට විවිධ බලපෑම් එල්ල වුණා. ශ්‍රී.ල.නි.ප. අය විදියට. ඡන්දය ඉල්ලනකොට පොහොට්ටුවෙන් බලපෑම් එල්ල වුණා. බණ්ඩාරනායක මැතිණිය පක්ෂය ගොඩනැගුවා. මෙවර හංසයාට උදව්කර සජිත් ජනාධිපති කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන්න අපිත් එක්ක එකතුවන ලෙස ශ්‍රී.ල.නි.ප.ය සැමට ආරාධනා කරන බවද රත්නපුර දිස්ත්‍රික් ශ්‍රි.ල.නි.ප අපේක්ෂක සංගමයේ ලේකම්වරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් අපෙක්ෂක සංගමයේ සභාපති කිත්සිරි හෙට්ටිආරච්චි මහතා අදහස් දක්වමින් පැවසුවේ අපි මෛත්‍රීපාල සිරිසේන මහතා යටත් ඡන්දයට ඉදිරිපත්වී 2018 වසරේ ශ්‍රී.ල.නි.ප.ය දිනවන්න ලක්ෂ 13 ක් ඡන්දය ලබා දුන්නා. එම ලක්ෂ 13 අපේ ඡන්ද.
නමුත් ඒ ගුණ නොසලකා එම ලක්ෂ 13 තමන්ගේ යයි සිතා මෛත්‍රීපාල මහතා ශ්‍රී ලංකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දුන්නා. මෛත්‍රීපාල මහතා තමන්ගේ පක්ෂ සභාපති කම පරිත්‍යාග කරනවා. එහාට මෙහාට පැනපු දයාසිරිට මහ ලේකම් කම දුන්නා. ඔවුන් ගත්ත ක්‍රියා මාර්ග නිසා අපි නව දහසක් ඉතා අතරමං වුණා.
බණ්ඩාරනායක මහතා ජීවිය නැති කරගෙන ගෙන ආ මේ ගමන යළි ආපසු හරවන්නැතුව ගොඩනගන්නට සජිත් ප්‍රේමදාස මහතා දිනවන්න ඕනි. එනිසා හංසයා දිනවන්න ශ්‍රී.ල.නි.ප.ය සැමට ආරාධනා කරනවා.
සජිත්ගේ ජය විජයග්රහණයක් කරන්න අපි සමඟ එක් වෙන්න. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය 5 වන ජනාධිපතිනිය ඇය අපට උදව් කරනවා. මෙම ගමනට. අපි සියලු දෙනා ලඟදීම විහාර මහාදේවී උද්‍යානයේදී සමුළුවක් පවත්වනවා. අපි එතැන් පටන් චන්ද්‍රිකා මැතිනිය සමඟ ඉදිරියට යාමට පියවර ගන්නා බවද සඳහන් කරනවා යැයි එම සංවිධානයේ සභාපති කිත්සිරි හෙට්ටිආරච්චි මහතා පැවසීය.
රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී.ල.නි.ප. අපේක්ෂක සංගමයේ භාණ්ඩාගාරික සෙල්වදොරේ සරත් බාබු මහතා අදහස් දක්වමින් පැවසුවේ ශ්‍රී.ල.නි.ප. යේ අපි බොහෝ දුක් විඳිමින් දශක දෙකක් වැඩ කළා. නමුත් පක්ෂයේ මැති ඇමතිවරු ප්රභූවරු පක්ෂයේ නිලධාරීන් අපව අමතක කරලා පාවාදීමක් කළා.
මේ නිසා අපි තීරණය කළා සජිත් ප්‍රේමදාස මහතාට උදව් කරලා ඔහු ජනපති කරන්න. මේ නිසා දෙමළ, මුස්ලිම් හා සිංහල හැමෝටම මම ආරාධනය කරනවා ශ්‍රී.ල.නි.ප. ය රැකගන්න සජිත්ට එකතු වෙන්න කියලා. තවද මෙම සංවිධානයේ නිලධාරීන් ප්‍රකාශ කළේ කුමන හේතුවක් නිසා හෝ පොහොට්ටුවට උදව් නොකරන බවත් රත්නපුර දිස්ත්‍රික්කයේ අපේක්ෂක සංගමයේ 200 ක් මෙලෙස සජිත්ට උදව් කරන බවත්ය. සජිත් ප්‍රේමදාස මහතා අද (14) දින පැල්මඩුල්ලට පැමිණෙන බවත් එහිදී එම වේදිකාවට ශ්‍රී.ල.නි.ප. අපේක්ෂකයන් හා සාමාජිකයන් 100 ක් ගොඩවන බවත් ඔවුන් සඳහන් කරයි.