විශ්රාමිකයන්ට සිය විශ්රාම වැටුප් ගෙවිම් හැටන් ප්රදේශයේ රාජ්ය සහ පෞද්ගලික අංශයේ බැංකු ශාඛා මගින් (10) දින සිදු කරනු ලැබුහ.
(10,11,12) යන තෙදින තුල විශ්රාම ලාභින්ට විශ්රාම වැටුප් ලබා ගැනිම සදහා රාජ්ය සහ පෞද්ගලික අංශයේ බැංකු විවෘත කර තැබෙන බවත් මෙයට සමගාමිව තැපැල් කාර්යාලද විවෘත තැබෙන බව පැවසුවද හැටන් තැපැල් කාර්යාලයේ සේවකයින්ට (10) දින කොවිඩ් 19 මර්ධන එන්නත් ලබාදිම නිසා හැටන් තැපැල් කාර්යාලයේ දැන්විමක් පල කර තැපැල් කාර්යාලය වසා දමා ඇති අයුරු අප කැමරාවේ සටහන් විය.
විශ්රාම වැටුප් ලබා ගැනිමට බැංකු වෙත පැමිණෙන අයට තම විශ්රාම වැටුප ලබාගෙන යාමට සංචරණ සිමා රාජකාරි වල නිරතව සිටින පොලිස් නිලධාරින් කටයුතු කර තිබුණි.
හැටන් – රංජිත් රාජපක්ෂ