Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අධික වේගය ත්‍රිරෝද රියදුරු හා යතුරුපැදිකරු රෝහලට ගෙනියයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් යතුරුපැදියක ගැටි අනතුරට පත්වෙයි, ත්‍රිරෝද රථයේ රියදුරා සහ යතුරුපැදිකරු බරපතල තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත්  කෙරේ.

කොටගල සිට හැටන් දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් සහ හැටන් සිට කොටගල දක්වා ධාවනය යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටිමෙන් යතුරුපැදිකරු සහ ත්‍රිරෝද රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.

අද (14) උදැසන 8.30ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ කුඩාගම ෆෘට්හිල් ප්‍රදේශයේදිය.

කොටගල සිට හැටන් දක්වා එකම දිශාවට අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් ඉදිරියෙන් ධාවනය වු තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කර යාමට උත්සහ කිරිමේදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු යතුරුපැදිය ත්‍රිරෝද රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පැවසුවේ.

දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර තුවාල කරුවන් දෙදෙනාගෙන් යතුරුපැදිකරුගේ තත්ත්වය බරපතල බවයි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු කියා සිටියේ.

අනතුර පිලිබදව හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

Scroll to Top