ලංකා කම්කරු කොන්ග්රසයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දිමට තිරණය කිරිමත් සමගම ලංකා කම්කරු කොන්ග්රසයේ ආධාරකරුවන් රතිඤ්ඤා දල්වමින් සතුට පල කරයි.
ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්රසයේ සහයෝගය ශ්රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දිමට එම පක්ෂයේ විධායක සභාව තිරණය කර ප්රකාශයට පත් කිරිමෙන් පසු ලංකා කම්කරු කොන්ග්රසයේ ආධාරකරුවන් ප්රධාන නගර වලට පිවිස රතිඤ්ඤා දල්වමින් සතුට පල කලහ.
හැටන් , බගවන්තලාව ,තලවකැලේ, කොටගල ඇතුළු නගර කිහිපයකම ලංකා කම්කරු කොන්ග්රසයේ අධාරකරුවන් රතිඤ්ඤා දල්වා සතුට පල කර අතර ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පිනිස අද (14) සිට වතුකරය පුරා ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කරන බව ලංකා කම්කරු කොන්ග්රසයේ නායක සහ නුවරඑලිය දිස්ත්රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා අධාරකරුවන් හමුවේ පැවසිය.