Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

තේ සහ එළවළු ගොවින්ට අවශ්‍යය රසායනික පොහොර

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගිනිගත්හේන ගොවිජන සේවා මධ්‍යස්ථානය යටතේ පාලනය වන හැටන් රුවන්පුර ජනපදයේ තේ සහ එළවළු වගා ගොවින්ට අවශ්‍යය රසායනික පොහොර බෙදා දිම එම ගම්මානයේදි සිදු කෙරිණ.

තේ වගාව සහ එළවළු වගාව ජිවන උපාය වශයෙන් සිදු කරමින් පවුල් 400 කට ආසන්න පිරිසක් එම ගම්මානයේ ජිවත් වන අතර, එම ගොවින්ගේ රසායනික පොහොර අවශ්‍යයතාවය ලබාගෙන (09) දින සිය අවශ්‍යතාවයෙන් රසායනික පොහොර කොටසක් ගොවිජන සේවා මධ්‍යස්ථාන නිලධාරින් විසින් ගම්මානයටම ගෙනවිත් රජයේ අනුමත මිලට බෙදා හරිනු ලැබුහ.

තම ගොවිජන සේවා මධ්‍යස්ථානයට රසායනික පොහොර ලැබෙන පරිදි එම ගම්මානයට අවශ්‍ය  ඉතිරි පොහොර ඊළග සතිය පමණ වන විට බෙදා හරින බවත්,එම ගම්මානයේ තේ වගා සහ එළවළු වගා ගොවින්ව කාබනික පොහොර වගාවට යොමු කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවයි ගිනිගත්හේන ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරින් කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top