මේ වනවිට පවතින වසංගතය හේතුවෙන් රාජ්‍ය සේවය පවත්වාගෙන යනුයේ අවම සේවකයින් සංඛ්‍යාවක් යොදා ගනිමිනි. ඒ අතර සියලූ ගර්භණි නිලධාරීන් සේවයට කැදවීම නවත්වා ඇත. අපගේ ඉල්ලීම වුයේ කිරිදෙන දරුවන් සිටින සියලූ නිලධාරීනියන්ට ද යම් සහනයක් ලබාදෙන ලෙසයි.
මේ අතර ජුනි මස 8 දිනHA/3/3/57-1 අංක සහිත ලිපිය මගින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විසින් ලිපියක් මගින් දන්වා ඇත්තේ වසරකට වඩා අඩු වයසැති දරුවන් සිටින ග්‍රාම නිලධාරිනියන් සහ සංවර්ධන නිලධාරිනියන් සේවයට නොකැදවන ලෙසයි.
පවතින වසංගත තත්වය තුළ කිරිදෙන දරුවන් සහිත සියලූ කාන්තා සේවිකාවන්ට යම් සහනයක් ලබාදීමට නොපමාව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.
ධම්මික මුණසිංහ
ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය