Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

5000 ගැනීමට දින ගණනාවක් තිස්සේ විහාරස්ථානය ඉදිරිපිටට රැස්වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග පනවා ඇති සංචරණ සිමා නිතිය යටතේ රජය මගින් අඩු ආදායම් ලාභින්ට ලබාදෙන බවට පොරොන්දු වු රු පන්දහසේ දිමනාව ලබා ගැනිමට හැටන් ප්‍රදේශයේ අඩු ආදායම් ලාභින් විශාල පිරිසක් දින ගණනාවක් තිස්සේ හැටන් ගාමිණිපුර විහාරස්ථානය අසලට රැස්වෙයි.

හැටන් සමෘද්ධි කාර්යාලයේ නිලධාරින් විසින්  එම මුදල් ගෙවන බවට කල දැනුම් දිමක් මත හැටන් ගාමිණිපුර ග්‍රාමසේවක වසමේ අඩු ආදායම් ලාභින් විශාල පිරිසක් උදැසනට සිට එම විහාරස්ථානය අසලට රැස් වි සිටිහ.

රු පන්දහසේ දිමනාව ලබා ගැනිමට අපෙක්ෂාවෙන් සිටින හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ අඩු ආදායම් ලාභින් පිරිස කියා සිටින්නේ පනවා ඇති සංචරණ සිමා නිතිය හමුවේ තමන්ගේ ආදායම් මාර්ගය ඇණ හිට ඇති බවත්,රජය විසින් අඩු අදායම් ලාභින්ට ලබාදෙන බවට පොරොන්දු වු රු පන්දහසේ දිමනාව ලබාගෙන තම නිවසට අවශ්‍යය ආහාර ද්‍රව්‍යය මිල දි ගැනිමේ අපෙක්ෂාවෙන් දින කිහිපයක් තිස්සේ උදැසන සිට පස්වරුව වන තෙක් හැටන් ගාමිණිපුර විහාරස්ථානයට රැස් වන බවයි.

හැටන් සමෘද්ධි කාර්යාලයේ වසම භාර සමෘද්ධි නිලධාරියා දුරකථනයද විසන්ධි කර ඇති නිසා එම මුදල ගෙවිම සිදු කරනවාද නැද්ද යන්න තමන් නොදන්නා බවත්, නිෂ්චිත වශයෙන් එම මුදල ගෙවන දිනය තමන් වෙත දැනුම් දිය යුතු බවද හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ අඩු අදායම් ලභි රු පන්දහසේ දිමනාව ලබා ගැනිමේ අපෙක්ෂාවෙන් සිටින ගාමිණිපුර ජනතාව පවසයි.

අප මේ සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් සමෘද්ධි සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂක එස්.එම්.රත්නදාස මහතාගෙන් දුරකථනයෙන් සම්බන්ධ වෙමින් කල විමසුමට ඔහු කියා සිටියේ අදාල රු පන්දහසේ දිමනාව අඩු ආදායම් ලාභින්ට ලබා දිම සදහා තොරතුරු ලබාගෙන එම තොරතුරු කොළඹට යවා මුදල් ලැබිමෙන් පසු අදාල ගෙවිම සිදු කරන බවයි.

මේ දිනවල සමෘද්ධි ප්‍රතිලාභින්ට පමණක් අදාල මුදල ගෙවන බවද සමෘද්ධි සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා කියා සිටිහ.

හැටන් ගාමිණිපුර විහාරස්ථානය අසල රැස්ව සිටි පිරිසද දුරකථනය ඔස්සේ නුවරඑලිය දිස්ත්‍රික් සමෘද්ධි සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සම්බන්ධ කරගත් අවස්තාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා එ පිලිබදව හැටන් ගාමිණිපුර අඩු ආදායම් ලාභි ජනතාව දැනුවත් කිරිමෙන් පසු  එම පිරිස විසිරි යනු ලැබුහ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top