Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ස‌තොස අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් වූයේ ඇයි?

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජනාධිපතිතුමාගේ අති විශේෂ ගැසට් නිවේදන අංක 2230/9 මඟින් සීමාසහිත ලංකා සතොස, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරන ලදී.

ඒ අනුව දිවයින පුරා සියළුම සතොස අලෙවිසැල් දිනපතා පෙ.ව.09.00 සිට ප.ව.06.00 දක්වා විවෘතව තැබෙන අතර සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද හා සංචරණ සීමා යටතේ පනවා ඇති නීතිරීති අනුගමනය කරමින් ඒ ඒ අලෙවිසැල් හරහා පාරිභෝගිකයන් වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව පවතී.

උක්ත ගැසට් නිවේදනය මඟින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරන ලද වෙළෙඳ අමාත්‍යාංශයට අයත් ආයතන මෙසේය.

  • සීමාසහිත ලංකා සතොස
  • සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව
  • ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව
  • සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව

මෙකී ආයතන මඟින් ඉටු කරනු ලබන සියළුම ආහාර, පාන ඇතුළු ජනතාවට අවශ්‍ය අනෙකුත් සියළුම පාරිභෝගික ද්‍රව්‍ය සැපයීම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ නියාමන කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය හෝ කළ යුතු යැයි නියමිත සියළුම සේවාවන්, වැඩ හෝ ඕනෑම ආකාරයක ශ්‍රමය යෙදවීම බාධාවකින් තොරව පවත්වා ගැනීමේ අරමුණින් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මේ වන විට, සියළුම පාරිභෝගික ජනතාවට පහසුවෙන් සිය අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහාත්, සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේදයන්ට අනුගතව කටයුතු කරමින් කාර්යක්ෂ්ම සේවාවක් සැපයීම සඳහාත්, අදාල සියළුම නිලධාරීන් හා අංශයන් දැනුවත් කර මෙම ක්‍රියාවලිය ඍජු අධීක්ෂණයෙන් යුතුව පවත්වාගෙන යනු ලැබේ.

Scroll to Top