මහින්දානන්ද අලුත්ගමගේ පදනම විසින් නාවලපිටිය නව කුරුදු වත්තේ සමර්සෙට් වතු යායේ ඉදි කරන ලද කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය එම පදනමේ සභාපති අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක ජානක සෝමරත්න මහතා වෙත භාරදෙනු ලැබුහ.
මහින්දානන්ද අලුත්ගමගේ පදනම සහ නාවලපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවගේ රු ලක්ෂ 90 ක ප්‍රතිපාදන යටතේ සහ නාවලපිටිය ආසනයේ ශ්‍රම බලකායේ දායකත්වයෙන් ඇදන් 300 කින් සහ සියළුම පහසුකම් වලින් සමන්විත කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයට (07) දින සිට කොවිඩ් 19 රෝගින් ඇතුලත් කර ගැනිමට නියමිතය.
කුරුදුවත්ත සමර්සෙට් කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට රෝගින් ඇතුලත් කර ගැනිමේදි මධ්‍යම පලාතේ රෝගින්ට ප්‍රමුඛතාවය ලබාදෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය නිල වශයෙන් භාර දිමේ අවස්තාවට නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂකවරයා ඇතුළු මහින්දානන්ද පදනමේ නිලධාරින් කිහිප දෙනෙක් පමණක් සහභාගි වි සිටිහ.
හැටන් – රංජිත් රාජපක්ෂ