Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉරාන තෙල් නැවකට මිසයිල ප්‍රහාරයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සෞදි අරාබිය සමීප මුහුදේදී ඉරාන තෙල් නැවකට මිසයිල ප්‍රහාර දෙකක් එල්ලවී ඇතැයි වාර්තා වේ.ඉරානයේ ජාතික ඉන්ධන සමාගමට අයත් මේ නෞකාව ප්‍රහාරයට ලක්ව ඇත්තේ සෞදි අරාබියේ වරාය නගරයක් වන ‍ජෙඩා වරායෙන් කිලෝමීටර් 60ක් පමණ දුරින් යාත්‍රා කරමින් සිටියදීයි.

නෞකාවේ පිපිරීමක් සහ ගින්නක් හටගෙන ඇති අතර මේවනවිට මුහුදට බොර තෙල් කාන්දුවෙමින් පවතින බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයත් සමග ඉරානය සහ සෞදි අරාබිය අතර නොසන්සුන්තාවයන් වර්ධනය වියහැකි බවටත් දෙරට අතර ගැටුම් තවත් උග්‍ර වනු ඇතැයි විචාරකයන් පවසයි.

 

Scroll to Top