Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රාජ්‍ය වෙබ් අඩවි කිහිපයකට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් – අසත්‍ය පැතිරූ අයෙකු ප්‍රශ්න කෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජනාධිපති කාර්යාලය, විදේශ අමාත්‍යංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන වෙබ් අඩවි දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇතැයි හදුනා ගැනීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවිය.

රාජ්‍ය වෙබ් අඩවි ඉලක්ක කරගෙන මෙවැනි සයිබර් ප්‍රහාර එල්ලවිය හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා  දුන් අතර ඒ සම්බන්ධයෙන් රජයෙහි අවධානය යොමු නොවීම මත මෙම තත්වය උදාවී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

රජයේ වෙබ් අඩවි වලට ප්‍රහාර එල්ලකර ඇතැයි අසත්‍ය පැතිරූ අයෙකු ප්‍රශ්න කෙරේ

රජයේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර එල්ලවී ඇතැයි ජනමාධ්‍ය වෙත ලිපි ශීර්ෂ හරහා නිවේදන නිකුත් කළ ‘ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය‘ නමින් පෙනී සිටින සංගමයේ සභාපති රජීව යසිරු කුරුවිටගේ මැතිවු නමැත්තා පොලිස් පරිගණක අපරාධ ඒකකයට කැඳවා ප්‍රශ්න කළ බව ජනාධිපති මාධ්‍ය අංශය දන්වා තිබේ.

රජයේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර එල්ලවී ඇතැයි ජනමාධ්‍ය වෙත ලිපි ශීර්ෂ හරහා නිවේදන නිකුත් කළ ‘ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය‘ නමින් පෙනී සිටින සංගමයේ සභාපති රජීව යසිරු කුරුවිටගේ මැතිවු නමැත්තා පොලිස් පරිගණක අපරාධ ඒකකයට කැඳවා ප්‍රශ්න කළ බව ජනාධිපති මාධ්‍ය අංශය දන්වා තිබේ.

‘ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය‘ නමින් පවත්වා යන මෙම සංගමය රජයේ ලියාපදිංචිය ලබා පවත්වා යන්නක් නොවන බවට මීට මාස ගණනාවකට පෙරද සමාජ මාධ්‍ය තුළ දෝෂ දර්ශනයට ලක්වූ අතර ‘ශ්‍රි ලංකා‘ වචනයෙන් ආරම්භ වන ලෙස නම් තබා ඇති සංගමයක් රජයේ අනුදැනුමකින් තොරව පවත්වා යාහැකිද යන නීතිමය ගැටලුව ගැනද එහිදී සාකච්ඡා විය.

රජයේ ලියාපදිංචි ආයතනයක් වන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසන්නේ රජයේ කිසිදු වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී නැති බවය. සර්වර වල තාවකාලික දෝෂ තිබී ඒවා ටික වේලාවකට අක්‍රීයවී ඇති බවත් මේ ගැන කිසිදු සොයා බැලීමකින් තොරව ප්‍රධාන පෙළේ වෙබ් අඩවි වල නම් යොදමින් සයිබර් ප්‍රහාරයක් ලෙස අර්ථ දක්වා මාධ්‍ය නිවේදන නිකුත් කර ඇති බවය.එම දෝෂ දැනටමත් නිරාකරණය කර ඇති අතර වෙබ් අඩවි පෙර පරිදි නැරඹීමට හැකිය.

එවැනි සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බවට ව්‍යාජ තොරතුරු පතුරුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව යසිරු කුරුවිටගේ මැතිවු පොලිස් පරිගණක අපරාධ ඒකකයට කැඳවා ප්‍රශ්න කර තිබෙන්නේ කවර උවමනාවක් නිසා මේ ආකර තොරතුරු පතුරුවන්නේද යන්න විමසීමටය.

gossiplankanews

Scroll to Top