කොරෝනා වෛරසයේ මූලාරම්භය සිදු වූයේ ඉතාලියෙන්දැයි සෙවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නැවත පරීක්ෂණ අරඹා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කොරෝනා ප්‍රභේදයක් 2019 වසරේ අග භාගයේදී ඉතාලියෙන් හඳුනාගෙන ඇති බවය.
වසංගතයේ මූලාරම්භය පිළිබඳ වැඩිදුර දැන ගැනීම සඳහා ජාත්‍යන්තර පීඩනය වැඩි වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ද පසුගිය සතියේ මෙහි මූලාරම්භය සෙවිය යුතු බව ප්‍රකාශ කළේ ය.
ඒ අනුව ඉදිරියේදී මේ පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් කිරීමට පර්යේෂකයන් සැලසුම් කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ.