ඇස්ට්‍රසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව මාස 6ක කාලයක් සඳහා කොවිඩ් – 19 වෛරසයට රෙහිව මිනිස් සිරුර තුළ ක්‍රියාකාරී බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එම සංවිධානය තාක්ෂණික සටහනක් ඉදිරිපත් කරමින් මේ බව පවසා තිබේ.
මීට පෙර එම සංවිධානය නිර්දේශ කර තිබුණේ, ඇස්ට්‍රසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව පළමු මාත්‍රාවෙන් පසු සති 8ක් හෝ සති 12ක කාලයකට පසුව ලබ දිය යුතු බවටයි.
කෙසේ වෙතත් එම කාලය ඉක්ම ගිය ද යළිත් සම්පූර්ණ එන්නත්කරණය කිරීමක් අවශ්‍ය නොවන බව අදාළ තාක්ෂණික වාර්තාවේ වැඩිදුටත් සඳහන් වේ.