වේග පන්දු යවන ක්‍රීඩක චමීර දුෂ්මන්ත බංග්ලාදේශය සමග ඊයේ පැවති 3 වන සහ අවසන් එක්දින තරගයේදී පන්දුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූවා. ඒ, පන්දුවාර 9ක් ක්‍රියාත්මක කරමින් නිලකුණු පන්දුවාරයක් සමග ලකුණු 16කට කඩුලූ 5ක් දවා ගනිමින්.
මෙය චමීර දුෂ්මන්ත චමීර සිය එක්දින ක්‍රිකට් දිවියේ වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙසද සනිටුහන් වුණා.
එමෙන්ම ශ්‍රී ලාංකික පන්දු යවන්නෙකු එක්දින තරගයකදී කඩුලූ 5ක් දවාගත්තේ වසර 3කට පසුවයි. මෙම දක්ෂතාව හේතුවෙන් 3 වන සහ අවසන් එක්දින තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමටද චමීර දුෂ්මන්ත සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් එක්දින තරගය ලකුණු 97කින් ජය ගත්තා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 දී කඩුළු 06 ක් දැවී ලකුණු 286 ක් රැස්කළා. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා රැස්කළ ලකුණු සංඛ්‍යාව 120 ක්. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 55 යි.
පන්දු යැවීමේදී බංග්ලාදේශයේ ටස්කින් අහමඩ් ලකුණු 46 කට කඩුළු 04 ක් බිඳ හෙළුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශයට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා.
ඒ, බංග්ලාදේශයේ මුල් කඩුළු 03, ලකුණු 28 ක් තුළ දවා ගනිමින්. අවසානයේ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 3 ක් තුළ රැස්කර ගත හැකිවූයේ ලකුණු 189 ක් පමණයි.
කෙසේවෙතත් 2 ට 1ක් ලෙස මෙම තරගාවලියේ ජය හිමිකර ගත්තේ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමයි.