MV X-Press Pearl නෞකාව ඉදිරි පැය කිහිපය තුළදී මුහුදුබත් වනු ඇතැයි අපේක්ෂා කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
එහි සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේ, නෞකාවේ ගින්න තවදුරටත් පැතිරීම හමුවේ එවැනි අනතුරක් සිදුවීමේ වැඩි අවදානමක් පවතින බවය.
කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ MV X-Press Pearl නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට සහ වෙරළ තීරයට වන හානිය අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, නෞකාව අවට මුහුදේ තෙල් පැතිරයාමක් සිදුවුවහොත් පවතින කාළගුණ තත්ත්වයට මුහුණ දෙමින් එය අවම කර ගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස එහිදී ජනාධිපතිවරයා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ආරක්ෂක අංශ සහ වගකිව යුතු අනෙකුත් රාජ්‍ය ආයතන වෙත උපදෙස් දුන් බවයි.
මෙවන් ආපදා තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට ලොව අනෙකුත් රටවල් ගත් පියවර පිළිබඳ සැලකිලිමත් වන ලෙසට ද ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේ වන විටත් එම මුහුදු තීරය අවට ජල සාම්පල පරීක්ෂණයට ලක්කර ඇති අතර නෞකාව හිමි සමාගම රක්ෂණ ආයතනය සහ සෙසු පාර්ශවයන් සමග ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කර ඇතැයි, ද අදාළ නිවේදනයේ සඳහන් ය.
ගින්න පාලනය කිරීමට දැඩි වෙහෙසක් ගෙන සිටින නාවික සහ ගුවන් හමුදාවන්ට සහ සෙසු සියලු පාර්ශවයන් ඇගයීමට ලක්කර ඇති ජනාධිපතිවරයා වෙරළ තීරය කෙරෙහි විශේෂ අවධානයෙන් පසුවීමේ අවශ්‍යතාව ද අවධාරණය කර තිබේ.
සිංගප්පුරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාව පසුගිය 20 වනදා කොළඹ වරායට ආසන්න මුහුදේ දී ගිනි ගැනීමට ලක්විය.
කොළඹ වරාය ආසන්නයේදි ගිනි ගැනීමට ලක්ව ඇති එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්පූර්ණයෙන් විනාශ වුවහොත් මෙරට සමුද්‍රීය පද්ධතිය ඇතුලු සමස්ථ පරිසරයට දැඩි අහිතකර බලපෑම් ඇති විය හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
එහි සභාපති එස්. අමරසිංහ පැවසුවේ නෞකාවේ ඇති රසායනික ද්‍රව්‍යවල ප්‍රතික්‍රියා හේතුවෙන් දිගුකාලීන ගැටලු මතුවිය හැකි බවයි.
නෞකාව තුල නයිටි්රක් ඇසිඩ් ටොන් 25 ක් පමණ පවතින බවයි ඔහු කියා සිටියේ. එමෙන්ම නෞකාවේ බහාලුම් 1,487 ක ඇති සමස්ථ ද්‍රව්‍යවල බර ටොන් 74,000 ක් පමණ වනවා.
එබැවින් මුහුදට වැටෙන ද්‍රව්‍ය ස්පර්ෂ කිරීමෙන් වලකින ලෙස ජනතාවගෙන් යළි ඉල්ලා සිටින බවද මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.
කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉදිරිපස සහ මැද කොටසේ ගින්න තරමක් අඩුවී තිබුණ ද පසු පස කොටසේ දැඩි ගිනි තත්වය පවතින්නේ යැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.
නෞකාව බේරාගැනීමේ මෙහෙයුම්වල නාවික හමුදාව ඇතුළු පාර්ශව අඛණ්ඩ නියැලි සිටින බවත් පවතින කාලගුණ තත්වය හමුවේ නැව බේරාගැනීම අභියෝගයක් බවට පත්ව ඇති බවත් කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියයි.
නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ බහලුම්වලින් සියයට 80 ක් පමණ ඊයේ රාත්‍රී වන විට ගින්නෙන් විනාශ වී තිබූ බවත් නෞකාව බේරා ගැනීම අවසන් උත්සාහය බවත් නාවික හමුදාව පවසයි.
කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවිය හැකි පරිසර හානිය පාලනය කළ හැකි ආකාරය පිළිබඳව ඉන්දීය විශේෂ ගුවන්යානයක් පැය දෙකක නීක්ෂණයක් ඊයේ (26) පස්වරුවේ කළේ යැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
නෞකාවෙන් විශාල ප්‍රමාණයෙන් තෙල් කාන්දුවක් ඇති වුවහොත් එම ගුවන්යානය ක්‍රියාත්මක වන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු රසායනික සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය හේතුවෙන් බස්නාහිර සහ වයඹ පළාත්වලට අයත් මුහුදු තීරයේ කිලෝමීටර 10 ක් පමණ දැඩි පරිසර හානායකට ලක්ව ඇතැයි සමුද්‍රීය පිරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥා දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය.
දික්ඕවිට සිට කොච්චිකඩේ දක්වා මුහුදු තීරයට මෙහිදී දැඩි හානියක් සිදුව ඇති බවත් එම හානිය පිළිබඳව වාර්තාවක් මේ වන විටත් සකස් කර ඇති බවත් දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය.
ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය හරහා ත්‍රිවිධ හමුදාව යොදාගෙන එම මුහුදු තීරණයෙන් අපද්‍රව්‍ය සම්පූර්ණයෙන් ඉවත්කිරීමට නියමිත බවත් හැකි පමණ වෙරළ තීරය යථා තත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය පැවසුවාය.
ස්ලාස්ටික් නිෂ්පාදනය සඳහා ගන්නා ‘පබළු’ වැනි අමුද්‍රව්‍යයක් මෙම වෙරළ තීරයේ විසිරී තිබෙන බවත් ඇතැම් විට එම ද්‍රව්‍ය වැලිත් සමඟම ඉවත්කිරීමට සිදුවිය හැකි බවත් සභාපතිනිය කීවාය.